කොවිඩ් 19 වසංගතය හමුවේ දැඩි අවදානම් සහිත සේවාවක් ඉටු කරනු ලබන ගම්පහ මහ නගර සභාවෙහි විෂබීජහරණය කිරීමේ කටයුතුවල නිරත සේවක පිරිස සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙනුවෙන් විශේෂ දීමනාවක් ලබාදීමට නගර සභාවේ අවධානය යොමුව ඇත.
මේ අනුව දැඩි අවදානමක් ගෙන කටයුතු කරනු ලබන විෂබීජහරණ කටයුතු සිදු කරන සේවකයෙකු සදහා මසකට රුපියල් 25,000 ක විශේෂ දීමනාවක් ගෙවීමට සභාවේ අවධානය යොමුව ඇති බව සදහන් කළ පුරපති එරංග සේනානායක මහතා , නගර සභා බල ප්‍රදේශයට අයත් කොට්ඨාසයන්හි කටයුතු කරනු ලබන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දෛනිකව පෙට්ල් ලීටර් දෙකක් සදහා දීමනාවක් ලබාදීමට තීරණය කොට ඇති බවද කීය.
ගම්පහ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් වන කපිල එදිරිසිංහ සහ වරුණ මහීපාල යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් මෙවර මාසික රැස්වීමට ඉදිරිපත්වවූ මෙම කරුනු දෙකට සභාවේ අනුමැතිය ලබාදී ඇති බව පුරපතිවරයා පැවසීය.