කොරෝනා රෝග තත්ත්වය සැලකිල්ලට ගනිමින් අ.පො.ස. ( උසස් පෙළ) විභාගය පැවැත්වෙන ගම්පහ නගරයේ විභාග මධ්‍යස්ථාන , විභාගය අවසන්වීමෙන් පසුව දෛනිකව විෂබීජහරණයට ලක් කිරීමට ගම්පහ මහ නගර සභාවෙහි සෞඛ්‍ය අංශය පියවර ගෙන ඇත.
පුරපති එරංග සේනානායක මහතාගේ මගපෙන්වීම මත මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කෙරේ.
ගම්පහ තිලකරත්න දිසානායක