ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද (03දා) වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වන 88 දෙනෙකු කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.
ඒ අනුව කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 64 දෙනෙකු වාර්තා වී තිබේ.
මෙසේ වාර්තා වී ඇති ආසාදිතයන් සමාජය තුළින් , කර්මාන්තශාලා වලින් සහ පළමු පෙළ ආශ්‍රිතයන්ගෙන් සමන්විත වෙයි.
මෙම කොට්ඨාසය තුළින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 1,374 දෙනෙකු වාර්තා වී තිබේ.
එසේම කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි කර්මාන්තශාලා වල සේවය කරන සේවකයින් 24 දෙනෙකු ද 05/03 දින කොරෝනා ආසාදිතයන් ලෙස හදුනා ගෙන තිබේ.
සීදුව , ලියනගෙමුල්ල බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව කොරෝනා ආසාදිතයන් 1,000 කට ප්‍රතිකාර කළ හැකි මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් පරිවර්තනය කරනු ලබමින් සිටින අතර එය එළඹෙන සතියේ කොරෝනා ආසාදිතයන් සඳහා විවෘත කිරීමට හැකි වෙතැයි බලාපොරොත්තු වේ.
කොට්ඨාසය තුළ කොරෝනා ආසාදිතයන් 80 ක් පමණ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට රෝහල් හෝ අතරමැදි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන නොමැතිව නිවෙස් වලම රැදී සිටියි.