ගම්පහ දිස්ත්‍රික්කයෙන් 475 දෙනෙකු වන වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් (6) උදෑසන වනවිට ගතවූ පැය 24 තුල හමුව ඇති අතර ඉන් 69 ක් වන වැඩිම පිරිසක් දොම්පෙ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි.
උදෑසන වනවිට කොවිඩ් දෙවන රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආදිතයින් සංඛ්‍යාව 22,295 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවත් පැය 24 ක කාලය තුල වැඩිම ආසාදිතයින් ගම්පහ කොට්ඨාසයෙන් - 58 ක් , මිනුවන්ගොඩ - 47 ක් , මීරිගම - 37 ක් , මහර - 36 ක් , වත්තල - 31 , ජාඇල - 30 ක් , සීදූව - 29 ක් , මීගමුව - 23 ක් , කැලණිය සහ රාගම - 21 බැගින්, අත්තනගල්ල - 20 ක් , කටාන - 19 දිවුලපිටිය -18 ක් සහ බියගම කොට්ඨාසයෙන් - 16 දෙනෙකු වශයෙන් බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.
පැය 24 ක කාලය තුල ආසාදිතයින් 399 දෙනෙකු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිදු කළ පරීක්ෂාවන්හිදී ක්ෂේත්රයෙන්ද , ආසාදිතයින් 76 දෙනෙකු රෝහල් මගින් සිදු කළ පරීක්ෂාවන්හිදීත් හමුව ඇති බව සදහන් කළ සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා , ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 11,960 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවද කීය.
කොරෝනා රෝග තත්ත්වය ව්‍යාප්තවීමේ දැඩි අවදානම් සහිත තත්ත්වයක් පවතින බැවින් ජනතාව දැඩිව සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් කටයුතු කිරීම ඉතා අවශ්‍ය බව යළි යළිත් සිහිපත් කරන බව සදහන් කළ සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා , පවතින තත්ත්වය සැහැල්ලුවට ගෙන ක්‍රියා නොකරන ලෙසට දැනුවත් කරන බවද පැවසීය.
කොවිඩ් දෙවන රැල්ලේ ඊයේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ 2,42,743 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කොට තිබිණි.
ගම්පහ තිලකරත්න දිසානායක