ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යායතනයෙහි උපාධිය හදාරන සිසු සිසුවියන්ට බලපාන ගැටලුවලට කඩිනමින් විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් එම සිසු සිසුවියන් අද (29) සවස කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ එක පසක් අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වුහ.
විද්‍යායතනයෙහි 500 ක් පමණ වන මෙම සිසු සිසුවියන් හට මාස තුනක පමණ කාලයක සිට නිසි පරිදි අධ්‍යයන කටයුතු සිදු නොවීම , අවසන් වසර සිසුන්ගේ විභාග ප්‍රතිඵල නිසි අයුරින් ලබා නොදීම, ස්ථිර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු නොමැති වීම, සීමාවාසික වෛද්‍ය පුහුණුව ප්‍රමාදවීම , යෝජිත ශික්ෂණ රෝහල් සංකීර්ණය සහ යෝජිත නේවාසිකාගාරය ඉදි නොකිරීම යන ගැටලු වලට විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් ඔවුහු මෙලෙස උද්ඝෝෂණයෙහි නිරත වුහ.
සිසු සිසුවියන් විසින් නැගූ ගැටලු සම්බන්ධයෙන් ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යායතනයේ ප්‍රධාන නිලධාරියකුගෙන් කළ විමසිමේදී ප්‍රකාශ කොට සිටියේ, පෙබරවාරි මස 1 වෙනි දින මෙම විද්‍යායතනය සඳහා ස්ථිර අධ්‍යක්ෂවරයෙකු පත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් දැනුම්දී ඇති බැවින් දැනට මෙහි පවතින ගැටලු වලට විසඳුම් ලබාදීමට හැකිවනු ඇති බවය. එසේම සිසු නේවාසිකාගාරය ඉදි කිරීමේ කටයුතු සිදු වෙමින් පවතින බවත් එම නිලධාරිවරයා පැවසීය.