ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි සීමාවාසික වෛද්‍ය වරයෙකුට පහරදුන් පුද්ගලයා පොලිස් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇපදීම , පහර කෑමට ලක්වූ වෛද්‍ය වරයාගේ ජීවිතයට තර්ජනයක්ව ඇති බැවින් සැකකරු යළි අත්අඩංගුවට ගන්නා ලෙසත් එසේ නොවුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගම්පහ රෝහල් ශාඛාව ප්‍රකාශ කරයි.
අද (23) දහවල් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ගම්පහ රෝහල් ශාඛාවෙහි සභාපති මහාචාර්ය වෛද්‍ය අරුණ මුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රෝහල් පරිශ්‍රයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළ අතර ගම්පහ රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මිය යාම මත එම අයගේ පුත්‍රයා ආවේගශීලී ලෙස හැසිරෙමින් වාට්ටුවෙහි කටයුතු කළ සීමාවාසික වෛද්‍යවරයෙකුට පහරදීමක් කර ඇති බවත් පොලිස් නිලධාරීන් පැමිණ වෛද්‍යවරයා බේරා නොගත්තේනම් එම වෛද්‍යවරයා මරණයට පත්වීමට පවා ඉඩතිබූ බවත් හෙතෙම සඳහන් කළේය.
වෛද්‍ය අරුණ මුණසිංහ මහතා මෙහිදී අදහස් දක්වමින් මෙසේද පැවසීය,
" මෙලෙස පහරදුන් තැනැත්තා ගම්පහ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හල බව අපට දැනගන්නට තිබෙනව. මේ වනවිට පහර කෑමට ලක්වූ වෛද්‍යවරයා දැඩි මානසික කම්පනයෙන් ප්‍රතිකාර ලබනවා. මේ නිසා අපි වහාම ඉල්ලා සිටිනව, අපේ වෛද්‍යවරයාගේ ජීවිත ආරක්ෂාව පතා පහරදුන් පුද්ගලයා වහාම නැවත අත්අඩංගුවට ගෙන සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසට.
මෙම සිද්ධිය මත අපි සේවයෙන් ඉවත්ව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගතහොත් මුථ රටම අකර්මණ්‍ය වෙනව.මීට පෙරද මෙවන් සිදුවීමක් උනත් අපි ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. නමුත් මෙම වෛද්‍යවරයාට පහරදීම සිදුකළ අවස්ථාවේදී පොලීසිය පැමිණ බේරා නොගත්තේ නම් අනිවාර්යයෙන්ම මරණයට පත් වෙනව. මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගත හොත් අපිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදු වෙන බව අවධාරණය කරනව.
පහරදුන් පුද්ගලයා විසින් මෙම වෛද්‍යවරයා මරා දමන බවට තර්ජනය කර තිබෙනව. මේ පුද්ගලයා ඇපමත නිදහස් කිරීම කොතෙක් දුරට සුදුසුද යන්න ගැන අධිකරණයෙන් ප්‍රශ්න කිරීමට බැහැ. නමුත් අපිට තිබෙනව අපේ ආරක්ෂාව පිළිබඳ වගකීමක්. මේ නිසා මෙම ප්රශ්නය විසඳිය යුතුයි. පහරදුන් තැනැත්තාට සුදුසු දඩුවමක් දිය යුතුයි.
වහාම මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවුනහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන අතර මේ පිළිබඳව අපගේ මව් සංගමයෙන් අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනව. "
තිලකරත්න දිසානායක