කොරෝනා රෝගීන් ඇතුලත් කිරීම වැඩිවීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි කොවිඩ් ප්‍රතිකාර ලබාදීම සිදු කෙරෙන 14 බී වාට්ටුවෙහි සහ වැරැල්ලවත්ත කාන්තා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙහි ඇදන් සියල්ල පිරී පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
රෝහල් වාට්ටුවෙහි ඇදන් 13 සහ වැරැල්ලවත්ත ප්‍රතිකාර මධ්‍යස්ථානයෙහි පවතින ඇදන් 120 මෙලෙස පිරී පවතින බැවින් ආසාදිතයින් වූවද රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන් වෙනත් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත මාරු කිරීමට පියවර ගෙන ඇති බව රෝහල් ප්රකාශිකාවක් සදහන් කළාය.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි අධ්යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් සදහන් කර සිටියේ , වැඩිවන කොරෝනා රෝගීන් ප්‍රතිකාර පිණිස වෙනත් රෝහල් වෙත මාරු කර හැරීමට අමතරව ගම්පහ රෝහලෙහි තවත් වාට්ටුවක් ප්‍රතිකාර පිණිස සකස් කිරීමට අද (27) පැවති සාකච්ඡාවකදී තීරණය කළ බවය.
මේ අතර ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා සදහන් කර සිටියේ , කොරෝනා රෝග ආසාදිතයින් වැඩිවීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන තත්ත්වයක් පවතින බැවින් ජනතාව දැඩිව සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය පවතින බවය.
ගම්පහ තිලකරත්න දිසානායක