ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි පැවැත්වෙන සායනයන්ට පැමිණෙන රෝගීන් සදහා නියමිත ඖෂධ තැපැල් මගින් නිවසට ලබාදීමට කටයුතු යොදා ඇත.
මේ අනුව ඖෂධ නිවෙස් වෙත ගෙන්වා ගැනීම පිනිස රෝගියාගේ සායනික පොතෙහි පළමු පිටුව, අවසන් වරට සායනයෙන් නියම කළ ඖෂධ වට්ටෝරුව සහ රෝගියාගේ ලිපිනය හා දුරකථන අංකය සහිතව 0716629936 යන අංකයට වට්ස්ඇප් කරන ලෙස රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා දැනුම් දීමක් කර සිටී.