කොවිඩ් මර්දන එන්නත ලබා දීමෙන් , ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවත්වීමට ගත් තීරණය අත්හල බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ගම්පහ දිස්ත්‍රික් සභාපති, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර මහතා සදහන් කරයි.
ඉකුත් (26) දිනයේ සිට වයස අවුරුදු 60 ට වැඩි තැනැත්තන් සඳහා " ඇස්ට්‍රා සෙනෙකා " එන්නත ගම්පහ ගම්පහ දිස්ත්‍රික්කයේ තෝරාගත් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ලබාදීමට සැලසුම් කොට තිබියදී එය අවුරුදු 30 ට වැඩි සැමට ලබා දෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් දැනුම්දීම හේතුවෙන් ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් මත සෙනසුරාදා සිට ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම කටයුතු වලින් ඉවත්වීමට සිකුරාදා සවස තීරණය කොට තිබිණි.
වයස අවුරුදු 30 ට වැඩි සැමට එන්නත ලබා දීම සිදු කරන ලෙසට සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වරයා විසින් ලිඛිත දැනුම් දීමක් කර ඇති බැවින් යළිත් එන්නත ලබාදීමේ වැඩපිළිවෙළ සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරන බවත් 27 වෙනි දින සිට ලබන මස 5 වෙනි දින දක්වා එන්නත ලබා දීම සිදු කරනු ලබන බවත් සමින්ද සමරදිවාකර මහතා පැවසීය.
( ගම්පහ - තිලකරත්න දිසානායක