මෙරට පෞද්ගලික දුරකථන සමාගමක ගම්පහ ශාඛාවෙහි 10 දෙනෙකුට කොවිඩ්19 ආසාදනය වීම මත එම කාර්යාලය වසා දැමීමට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන ඇත.
ගම්පහ, බෞද්ධාලෝක මාවතෙහි පිහිටි එම කාර්යාල කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට උණ සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම මත එහි 13 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට භාජනය කළ අවස්ථාවේ ඉන් 10 දෙනෙකු ආසාදිතයින් බවට තහවුරුවී යැයි කළ විමසුමකට පිළිතුරු දෙමින් ගම්පහ සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.
එම කාර්යාල ශාඛාවෙහි 31 දෙනෙකු සේවය කරන බවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට ලක්කළ පිරිස හැර අන් සියලුම දෙනා පී.සී.ආර් පරීක්ෂාවට ලක්කිරීමට පියවර ගනු ලබන බවත් ගම්පහ මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරගේ මහතා පැවසූ අතර එම පිරිස ඔවුන් රැදී සිටින ස්ථානයේදී නිරෝධායනය කිරීමට පියවර ගත් බවද කීය.
ගම්පහ තිලකරත්න දිසානායක