ගම්පහ පොදු වෙළඳ පොල ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් වැඩි පිරිසක් හමුවීම මත අද (11) දිනයේදී එම නගරයේ පුද්ගලයින් 1258 දෙනෙකු පී. සී .ආර් පරීක්ෂණයට භාජනය කළ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පැවසීය.
ඉකුත් 6 වෙනි දින සිට ගම්පහ නගරය ආශ්‍රිතව ආසාදිතයින් 75 දෙනෙකු සහ ජනවාරි මස සිට ආසාදිතයින් 223 හමුවීම සැලකිල්ලට ගනිමින් නගරයේ හදුනාගත් වෙළෙඳසල් සහ ආයතනයන්හි සේවය කරන්නන් අද පරීක්ෂණයට භාජනය කළ බව වෛද්‍ය නිලධාරී වරයා කීය.
එම පරීක්ෂණ වාර්තාවල ප්‍රතිඵල අනුව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.
ගම්පහ තිලකරත්න දිසානායක