කොවිඩ් 19 නැවත ශ්‍රී ලංකාව තුළ හිස එසවීමත් සමග ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් මෙහෙයුම් කටයුතු එළැඹෙන 17 දා දක්වා අත්හිටුවන බවත් කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ පිහිටි මධ්‍යම තැපැල් හුවමාරුව පාරිභෝගික සේවා සැපැයීම එළැඹෙන 17 දා තෙක් අත්හිටුවන බවත් තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මධ්‍ය තැපැල් හුවමාරුව ඔස්සේ ව්‍යාපාරික තැපැල් සේවා ලබාගන්නා ආයතනයන්හි තැපැල් භාණ්ඩ තැපෑලට යොමු කිරීම සඳහා සහකාර අධිකාරී (වාණිජ) අමතා සුදු වේලාවන් වෙන් කර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
මොණරාගල-නයනජිව බන්ඩාර