ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (19) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 753 දෙනෙකු වන වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇති බවත් 152 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මහර කොට්ඨාසයෙන් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සදහන් කළේය.
දිස්ත්‍රික්කයේ 15 ක් වන සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුව ඇති බවත් එම සංඛ්‍යාව බියගම කොට්ඨාසයෙන් - 95 ක්, වත්තල - 69 ක්, සීදූව - 64 ක්, ජාඇල - 61 ක්, මිනුවන්ගොඩ - 57 ක්, අත්තනගල්ල - 52 ක්, ගම්පහ - 51 ක්, දොම්පෙ - 31 ක්, මීරිගම සහ දිවුලපිටිය - 30 දෙනෙකු බැගින්ද, කටාන - 24 ක්, මීගමුව - 17 ක්, කැලණිය - 15 ක් සහ රාගම කොට්ඨාසයෙන් - 8 දෙනෙකු වශයෙන් හමුව ඇති බවත් අධ්යක්ෂවරයා පැවසීය.
මෙම ආසාදිතයින් හමුවීම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මගින් ක්ෂේත්රයේ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණවලින් 579 දෙනෙකු සහ රෝහල්වලින් සිදු කළ පරීක්ෂණ මගින් 174 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
ඊයේ උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන හයට ඇතුලත් කොට ඇති ආසාදිතයින් සංඛ්‍යාව 231 දෙනෙකු වන බව සදහන් කළ අධ්යක්ෂවරයා මේ වනවිට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28,826 දෙනෙකු හමුව ඇති බවද කීය.
ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 15,694 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර පුද්ගලයින් 1,74,563 දෙනෙකුහට " සයිනොපාම් " එන්නත ලබාදීම සිදු කොට ඇති අතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 15 ආවරණය වන පරිදි 2,65,331දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කොට ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ , කොරෝනා රෝග තත්ත්වය පැතිරීම වලක්වාලීම පිණිස සෞඛ්‍ය අංශ මගින් හදුන්වාදී ඇති සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් දැඩිව අනුගමනය කරමින් ජනතාව කටයුතු කළ යුතුව ඇති බවය.
තවද සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා සදහන් කර සිටියේ , කොවිඩ් වෛරස් මර්දන එන්නත ලබා ගැනීම සිදු කළද මුව ආවරණ පැළදීම, දුරස්ථභාවය තබාගනිමින් කටයුතු කිරීම ආදී ක්‍රම අඛණ්ඩව පවත්වාගෙන යාමට ජනතාව ලබාගතයුතු බවය.
ගම්පහ තිලකරත්න දිසානායක