කොවිඩ් දෙවන රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව 27,751 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවත් අද (17) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 320 දෙනෙකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සදහන් කරයි.
මින් 43 දෙනෙකු වන වැඩිම පිරිසක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් ගම්පහ - 41 ක්, දිවුලපිටිය - 36 ක්, මීගමුව - 33 ක්, දොම්පෙ - 22 ක්, වත්තල - 21ක්, මහර - 20 ක්, අත්තනගල්ල - 19 ක්, කැලණිය සහ මිනුවන්ගොඩ කොට්ඨාසයන්ගෙන් - 18 දෙනෙකු බැගින් , ජාඇල - 15 ක්, මීරිගම සහ රාගම කොට්ඨාසයන්ගෙන් 12 දෙනෙකු බැගින් සහ සීදූව කොට්ඨාසයෙන් 10 දෙනෙකු හමුව ඇති බවත් අධ්යක්ෂවරයා පැවසීය.
දිස්ත්‍රික්කයෙහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිදු කළ පී.සී.ආර් පරීක්ෂාවන්හිදී ආසාදිතයින් 166 දෙනෙකු සහ රෝහල්වලින් සිදු කළ පරීක්ෂණවලදී 154 දෙනෙකු වශයෙන් හමුව ඇත.
මේ අතර නිදහස් වෙළඳ කලාපයේ කටුනායක කර්මාන්තශාලාවලින් ආසාදිතයින් 28 ක්, බියගමින් - 9 ක් සහ වෙනත් කර්මාන්තශාලා 4 දෙනෙකු හමුව ඇත.
ගතවූ පැය 24 ක කාලයක් තුල රෝගීන් 208 දෙනෙකු දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන හයට ඇතුලත් කොට ඇති බව සදහන් කළ අධ්යක්ෂවරයා ආසාදිතයින්ගේ ළඟම ආශ්‍රිතයින් 15,318 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවද පැවසීය.
ඊයේ වනවිට දිස්ත්‍රික්කයේ පී.සී.ආර් පරීක්ෂාවට භාජනය කොට ඇති සංඛ්‍යාව 262,363 දෙනෙකි.
ගම්පහ තිලකරත්න දිසානායක