කොවිඩ් 19 වෛරසය මර්දනය සඳහා වන " ඔක්ස්පර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා " එන්නත ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් හයකදී සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ දී ලබා දීම ඊයේ (30) උදෑසන සිදු කෙරිණි.
ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩලය සදහා ලබාදීම පිණිස මෙම එන්නත් මාත්‍රා 7000 ක ප්‍රමාණයක් ලැබී ඇති බවත් එන්නත් ලබාදීම ගම්පහ, මීගමුව, වතුපිටිවල , මීරිගම, මිනුවන්ගොඩ, කිරිබත්ගොඩ යන රෝහල්වලදී සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ දී සිදු කරනු ලබන බවත් දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ ක්‍රිශාන්ත සමරවීර මහතා පැවසීය.
එන්නත ගම්පහ දිස්ත්‍රික්කයට ලබාදීම ආරම්භ කරමින් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතාගේ මගපෙන්වීම යටතේ දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ ක්‍රිශාන්ත සමරවීර මහතාගේ අධීක්ෂණයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ වෛද්‍ය ,හෙද ඇතුළු කාර්ය මණ්ඩලයට ලබාදුන් අතර විශේෂඥ වෛද්‍ය දිලිනි විජේසේකර මහත්මිය හට පළමු එන්නත ලබා දීම සිදු කෙරිණි.
එම අවස්ථාවට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න, විශේෂඥ වෛද්‍ය චින්තා ජයසිංහ , දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ ක්‍රිශාන්ත සමරවීර, සහකාර වසංගත රෝග වේදඥ ලසන්ත ක්‍රිශාන් හිරිමුතුගොඩ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ගම්පහ තිලකරත්න දිසානායක