ගම්පහ දිස්ත්‍රික් තක්සේරු කාර්යාලයෙහි පවතින තක්සේරු නිලධාරී හිගය හේතුවෙන් දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනයන්හි තක්සේරු කටයුතුවලට බාධාවක්ව ඇති බව දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීමකදී අනාවරණය විය.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී රාජ්‍ය ආයතන කිහිපයකම කටයුතුවලට තක්සේරු කටයුතු පමාවී ඇති බව පෙන්වා දෙනු ලැබූ අතර මීට හේතුව තක්සේරු නිලධාරී හිගය බව ගම්පහ දිස්ත්‍රික් තක්සේරුකරු මානෙල් කුමාරි මහත්මිය පෙන්වා දෙනු ලැබූවාය.
මෙහිදී දිස්ත්‍රික් තක්සේරුකාරවරිය තව දුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ නිලධාරීන් විශ්‍රාම යාමෙන් පසුව ඒ වෙනුවට නිලධාරීන් බදවා ගැනීම සිදු නොවීම මත අඩු කාර්ය මණ්ඩලයක් යටතේ දිස්ත්‍රික්කයේ තක්සේරු කටයුතු ඉටු කිරීමට සිදුව ඇති බවත් මෙම තත්ත්වය දිස්ත්‍රික්කයෙහි කටයුතු පමාවීමට හේතුවී ඇති බවත්ය.
මෙහිදී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ප්‍රකාශ කොට සිටියේ තක්සේරුකරුවන්ගේ හිගය මත දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනයන්හි ඇතිව තිබෙන තත්ත්වය සහ නිලධාරීන් බඳවා ගැනීමේ අවශ්‍යතාවය මුදල් අමාත්‍යාංශය වෙත යොමු කරන බවය.
තිලකරත්න දිසානායක