කොරෝනා රෝග වෛරසය මර්දනය පිණිස වන " ඇස්ට්‍රා සෙනෙකා " එන්නත සාමාන්‍ය ජනතාවට ලබාදීම යටතේ ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙහි ආරම්භ කිරීම ඊයේ සිදු කෙරිණි.
මේ අනුව ගම්පහ , අලුත්ගම උතුර ග්‍රාම නිලධාරී වසමේ අවුරුදු 30 - 60 අතර වයසේ වැසියන්ට එන්නත් කිරීම, ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ සහ සහකාර වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් ගේ අධීක්ෂණය යටතේ විජිත විදුහලේදී සිදු කෙරුනු අතර ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත බණ්ඩාර මහතා ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
ගම්පහ තිලකරත්න දිසානායක