ගම්පහ, බෞද්ධාලෝක මාවතෙහි පිහිටි සිංගර් ආයතන ගොඩනැගිල්ලේ අද (11) සවස 1ට පමණ ඇතිවු ගින්නක් හේතුවෙන් එහි ඉදිරිපස කොටසට හානි සිදුව ඇත.
ගින්න ඇතිවී සුළු මොහොතකින් ගම්පහ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය පැමිණ ගින්න නිවා දැමීමට පියවර ගත් අතර එය පැතිරී ගියේනම් මහත් විනාශයක් විමට ඉඩ තිබිණි.
ගින්න ඇති වීමට හේතුව විදුලි කාන්දුවකින් යැයි සැක කරන අතර මේ සම්බන්ධයෙන් ගම්පහ මුලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් පරීක්ෂක නිවුන්ඇල්ල මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ අරඹා තිබිණි.
ගම්පහ - තිලකරත්න දිසානායක