කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරු වී ඇති මිනුවන්ගොඩ ඇගලුම් කම්හලෙහි සේවය කරන සේවිකාවන් පස් දෙනෙකු ,ගම්පහ මිරිස්වත්ත, මැදවත්ත ග්‍රාමයෙහි ඉකුත් 27 වෙනි දින පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගි වීම හේතුවෙන් එම ආශ්‍රිතයින් ඇතුළු පිරිසක් පී.සී.ආර් පරීක්ෂාවට ලක් කෙරිණි.
ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් මිරිස්වත්ත, කැප්පෙටිපොල විදුහල් භූමියේදී මෙම පරීක්ෂාව සිදු කළ අතර මෙහිදී එම කම්හලෙහි සේවය කරන ආසාදිතයින් බවට හදුනාගෙන ඇති මිරිස්වත්ත ප්‍රදේශයේ දෙදෙනෙකුගේ ආශ්‍රිතයින් පිරිසක් සහ ඉදිගොල්ල, පොල්හේනවත්ත ප්‍රදේශයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයින් පිරිසක්ද ඇතුළුව 116 ක පිරිසක් පරීක්ෂාවට ලක් කළ බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත බණ්ඩාර මහතා පැවසීය.
ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතාගේ උපදෙස් පරිදි වෛද්‍ය රවීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය මත වෛද්‍ය සෝබා හෙට්ටිආරච්චි මහත්මිය ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදු කළ මෙම පරීක්ෂාව මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත බණ්ඩාර මහතා විසින් සංවිධානය කොට තිබිණි.