ගම්පහ දිස්ත්‍රික්කය තුළ 07/02 දින වාර්තා වී ඇති 389 ක් වූ කොරෝනා ආසාදිතයන් අතරින් , වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වන 84 දෙනෙකු කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
පසුගිය 06/30 දිනයේත් ගම්පහ දිස්ත්‍රික්කය තුළ වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිස වූ 94 දෙනෙකු වාර්තා වී ඇත්තේ ද කටුනායක ප්‍රදේශයෙන් වීම විශේෂත්වයකි .
07/02 දින වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් අතර , කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් 54 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස වාර්තා වී සිටිති .
ඒ අනුව මේ දක්වා මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 3,345 දෙනෙකු වාර්තා වී තිබේ .
එසේම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් ද 07/02 දින තවත් කොරෝනා ආසාදිතයන් 30 දෙනෙකු වාර්තා වී සිටිති .
ඒ අනුව මේ දක්වා මෙම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 70 ක සේවය කරන 2,844 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .
එසේම මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් 07/02 දින කොරෝනා ආසාදිතයන් 41 දෙනෙකු ද ,අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 38 දෙනෙකු ද වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා සදහන් කළේය .
එමෙන්ම 07/02 දින වනවිට කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයන් 17,000 කට ලබා දී ඇති බව එම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .
එසේම 07/03 දින තමන් ඇතුළු අනෙකුත් ප්‍රදේශයේ සෞඛ්‍ය පරීක්ෂකවරුන් , වෛද්‍යවරුන්ට රජය විසින් ලබා දී ඇති වරප්‍රසාද , තමන්ට ද ලබා දෙන ඉල්ලමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ද සුරේෂ් කුමාර මහතා වැඩිදුරටත් පැවසීය .