පුත්තලම පොලිස් වසමේ නූර් නගර් ප්‍රදේශයේදී ඊයේ (25දා) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදී බලපත්‍ර නොමැති මෙරට නිශ්පාදිත ගිනි අවියක් සජීවි පතොරම් 06ක් හිල් කොපු 05ක් හා ගංජා මිලි ග්‍රෑම් 380ක් සමග සැකකරුවෙකු අත්ඩංගුවට ගෙන පුත්තලම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
සැකකරු අද (26දා) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.