සමකාසන්න ගිනියා රාජ්‍යයේ හමුදා කඳවුරක සිදුවූ පිපිරීම් මාලාවකින් මියගිය සංඛ්‍යාව 98ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
වෙරළබඩ නගරයක් වන බාටා හි නෙකොන්ටෝමා හමුදා කඳවුරේ ඇති වූ ගින්නකින් ඇති වූ පිපිරීමෙන් පුද්ගලයින් 615 දෙනෙකු තුවාල ලබා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ඉරිදා පිපිරීමෙන් පසුව, සෞඛ්‍ය බලධාරීන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි අතර, ස්වෙච්ඡා සෞඛ්‍ය සේවකයන්ට සහායද පැතීය. බාටා හි පිහිටි ශාඛාවක් වන සමකාසන්න ගිනියාවේ චීන වෛද්‍ය මෙහෙයුම ගලවා ගැනීමේ කාර්යයට සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්ද සිදුකර ඇති අතර, ගිනියා අග්‍රාමාත්‍ය ෆ්රැන්සිස්කෝ පැස්කුවල් ඔබාමා අසූ විසින් රටේ විශාලතම නගරය වන බාටා හි පිපිරීමෙන් විපතට පත්වූවන් බේරා ගැනීම සඳහා චීන වෛද්‍ය මෙහෙයුමේ දායකත්වය පැසසුමට ලක් කළේය.
පිපිරීම් සිදුව ඇත්තේ හමුදා කඳවුරේ පුපුරණ ද්‍රව්‍ය ගබඩාවලට ආසන්න ගොවිපලවල්වල ඇති වූ ගින්නක් හේතුවෙනි. පසුව එය පුපුරණ ද්‍රව්‍ය ගබඩාවලටද පැතිර ගොස් පිපිරීම සිදුව ඇත.