ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ගිනි ගැනීමට ලක්ව මේ වන විට මුහුදු බත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වොයිස් ඩේටා රෙකෝඩරය (VDR) යන්ත්‍රය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබුණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
නාවික හමුදාවේද සහාය ඇතිව වෙළඳ නැව් පිළිබඳ ආයතනය මගින් මෙම යන්ත්‍රය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබේ.
නැව සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සඳහා මෙහි ඇති හඩ පට වැදගත් වෙනු ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මෙම උපකරණයේ ඇති සන්නිවේදන හඩපට හා සන්නිවේදන ක්‍රමවේදයන් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව ඔහු පැවැසීය.
එසේම සන්නිවේදනය සිදුකර ඇති ආකාරය පිළිබඳවත් උපදෙස් ලබා දී ඇති ආකාරයත් පිළිබඳවත් පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.