ගිනිගත් නෞකාවෙන් මුහුදට වැටි පාවෙමින් පැමිණි ප්ලාස්ටික් බෝල ඇතුලු විවිධ අපද්‍රව්‍යයන් ඇතුලු සුන්බුන් රැසක් මේ වන විට මීගමුව කලපුවට ඇතුලුවි කඩොලාන ගස් අතර රැදි ඇති බව ඇති බව එහි ධිවරයන් පවසති.
මේ වන විට කලපුව වෙරළ තිරයේ කඩොලාන පරිසර පද්ධතිය තුළද අදාල සුන්බුන් රැදි ඇති අයුරු පෙන්වා දෙන ධිවරයෝ මත්ස්‍ය අභිජනනයට ඉතා හිතකර කලාපක් වන මිගමුව කලපුව ආශ්රිත පරිසරයට ඉදිරි කාලයේදි මෙය බලවත් තර්ජනයක් විය හැකි බවද ඔවුන් පවසා සිටියි.
මාලු අල්ලා ගැනිමට යොදා ගන්නා දැල් ආම්පන්න වල පලාස්ටික් පඹුලු වැනි දැ පැටලි සුදුපැහ ගැන්වි තිබෙන අයුරු පෙන්වා දෙන ධිවරයන් දැල් එලිමේදි එය බාධාවක්ව ඇති බවද පවසයි.
මේ අතර ශ්‍රි ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ගිනිගත් නැවේ අපද්‍රව්‍ය කලපුවට ඇතුලු වීම නවතාලීමට දැඩි වෙහෙහක් ගෙන කටයුතු කරමින් සිටි. ඒ සදහා මිගමුව කොතලාවෙල පාලමේ සිට විශේෂ වැඩසටහනක් දියත් කරමින් හුලං පිරවු විවිධ උපකරණ පාලම යට කලපු තිරයට දමා අවහිර කරමින් අපද්‍රව්‍ය එකතු කර ඉවත් කිරිමේ කටයුතු වල නියලි සිටියි.
මිගමුව කලපුවේ 3500 අධික පිරිසක් තම ජිවනපෝය සදහා ධිවර රැකියාවේ යෙදි සිටිති. ජාඇල, සිදුව, දඩුගම, කටුනායක, මීගමුව, මුල්අක්කරේ, තලාදුව, පිටිපන, තලාහේන, සෙත්තප්පාඩුව, බාතියාවත්ත, කැපුමිගොඩ යන ප්‍රදේශවල දහස් ගණනකට අධික ධිවර පිරිසක් මිගමුව කලපුවේ ධිවර රැකියාව් යෙදෙයි.
ගිනිගත් නැවෙන් මුහුදට වැටි පමුණුගම-උස්වැටකෙයියාව-තලාහේන-දුංගලපිටිය හරහා මිගමුව කලපුවට බැහැර විමට පටන් ගෙන ඇති රසායනික අපද්‍රව්‍ය නවතාලිමට කඩිනම් පිලියම් ක්‍රියාත්මක නොකොලොත් එය කලපුව ආශ්රිත ධිවර ප්‍රජාවගේ ජීවනපෝයට එල්ල කරණ දැඩි පහරක් වනු ඇති බව ජාඇල නගර සභාවේ නාගරික මන්ත්‍රි ස්ටෙෆ්නි ප්‍රනාන්දු මහතා පවසයි.
බී.ටි.කේ.-ජාඇල අතිරේක