මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට (06) දින උදැසන සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන පොලිසිය ඉදිරිපිට බස් නැවතුම්පොලට පිවිසෙන මාර්ගය ගිලා බැසිමට සක්‍රිය වි ඇති නිසා එම මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු අද දින දහවල් සිට තාවකාලිකව තහනම් කල බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
ගිනිගත්හේන නගරයේ පොලිසිය ඉදිරිපිට මාර්ගය මිට ප්‍රථම අවස්තා කිහිපයකදි ගිලා බැසිමට ලක් වු නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සිමා කර තිබු අතර, මිට ප්‍රථම ප්‍රධාන මාර්ගයේ ගිලා බැසිම හේතුවෙන් ඇති වි තිබු ඉරි තැලිම් පවතින වර්ෂාවත් සමග විශාල වෙමින් පවතින නිසා එම මාර්ගයේ වාහන ගමනා ගමනය නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින්ගේ නිර්දේශ මත තාවකාලිකව නතර කිරිමට පියවර ගත් බවයි ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.
ගිනිගත්හේන නගරය හරහා නාවලපිටිය සහ මහනුවර දෙසට ගමන් කරන සියළුම වාහන කොළඹ මාර්ගයෙන් ගිනිගත්හේන බස් නැවතුම්පොල පිවිස ධාවනය කරන ලෙසද ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.