ගම්පහ පොලිස් අධිකාරී කොට්ඨාසයට අයත් උග්ගල්බඩ ප්‍රදේශයේදී වාහනයක් පරීක්ෂා කරමින් සිටියදී එහි තිබූ පොලිස් 56 ගිනි අවියක් සහ හිස් පතරොම් ගැබ් 4 ක් වීසි කොට පලාගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතා පවසයි.
ඊයේ (6) සවස 2 ට පමණ උග්ගල්බඩ - පත්තඩුවන මාර්ගයේදී වාහන පරීක්ෂාවේ යෙදී සිටි යතුරු පැදි සංචාරක නිලධාරීන් පිරිසක් විසින් පත්තඩුවන දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් පරීක්ෂා කරමින් සිටියදී වාහනය මාර්ගය අයිනට ගන්නා ලෙසට පවසා ඇත. මෙහිදී එය පැදවූ පුද්ගලයා එක් වරම රථය ධාවනය කොට මද දුරක් ගොස් පොහොර උරයක් දමා තිබූ යමක් වීසි කොට පලා ගොස් ඇති අතර එය පරීක්ෂා කිරීමේදී ඒ තුල ටී 56 ගිනි අවියක් සහ හිස් පතරොම් ගැබ් හතරක් හමුව ඇති බව පොලීසිය පවසයි.
යතුරු පැදි සංචාරක නිලධාරීන් විසින් වාහනය පසුපස හඹා ගොස් ඇතත් එහි ගමන් ගත් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නොහැකිවී ඇති මුත් සැකකරු මේ වනවිට හදුනාගෙන ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීම පිණිස දිසා අපරාධ විමර්ශන කොට්ඨාස කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවත් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතා පැවසීය.
( ගම්පහ තිලකරත්න දිසානායක.)