මධ්‍යම ආණ්ඩුව හා පළාත් සභාව ලෙස බෙදි වෙන්වි රටට වැඩ කළ නොහැකි බව කාර්මික අපනයන, අයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ "එක රටක් එක ප්‍රතිපත්තියක් හා එක වැඩපිළිවෙලක්" යන සංකල්පය රට තුළ ක්‍රියාත්මක කිරිමට රජය අපේක්ෂා කරන බවයි.
සංචාරක සංවර්ධන ජාතික සැලැස්ම සැකසිමේ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
"සංචාරක විෂය බෙදුණ විෂයයක්. මධ්‍යම ආණ්ඩුවට වගේම පළාත් සභාවටත් මේ විෂය පැවරිලා තියෙනවා. මේ පාර්ශව දෙක කටයුතු කරන්නේ දෙයාකාරයකටයි. මේ නිසා සංචාරක කර්මාන්තය වගේම වෙනත් විෂයයන් වලත් විවිධ පරස්පරතා පවතිනවා. මම හිටපු මහා ඇමතිවරයෙක්. මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභා අතර පවතින පුංචි පුංචි මත ගැටුම් ගැන මා හොඳට දන්නවා. අපි හැමෝගෙම අරමුණ රටට යහපතක් කරන එක. හිටපු ආණ්ඩුව වගේ රට විනාශ වෙද්දි අහක බලන් ඉදිමේ පුරුද්දක් අපිට නෑ.
පාස්කු ප්‍රහාරයත් එක්ක මේ රටේ සංචාරක ව්‍යාපාරය කඩා වැටුණා. සංචාරක ව්‍යාපාරය විතරක් නෙමෙයි, තව බොහෝ දේ කඩා වැටුණා. අපි දැන් උත්සාහ කරන්නේ පාස්කු ප්‍රහාරය නිසා වගේම පසුගිය රජයේ අදූරදර්ශී වැඩපිළිවෙල නිසා කඩා වැටුණ අපේ සංචාරක ව්‍යාපාරය නැවත යථා තත්ත්වයට පත් කරන්නයි. ඒ වෙනුවෙන් අපේ ජනාධිපතිතුමා අපට ඉලක්කයක් ලබාදී තිබෙනවා. ඒ 2025 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 10ට අපේ සංචාරක ආදායම ඉහළ දැමීම. අපි මේ ජාතික සමුළුව හරහා සිදු කරන්නේ ඒ ඉලක්කය සපුරාලීමේ මුල් පියවර තැබීමයි.
මේ සකස් කරන ජාතික ක්‍රීයාකාරී සැලැස්ම තමයි අපේ සංචාරක කර්මාන්තය නංවාලීමේ අත්පොත විය යුත්තේ. අපි ලෝක සංචාරක ක්ෂේත්රයේ අලුත් ප්‍රවණතාවයත් හඳුනා ගත යුතුයි. ඒ අලුත් ප්රවණතාවයන් අපේ සංස්කෘතියට, සදාචාරයට ගැළපෙන ලෙස සකස් කර ගත යුතුයි. ඒ සඳහායි අපි මේ ජාතික සමුළුව කැඳවනු ලැබුවේ මේ සමුළුව හරහා හඳුනාගනු ලබන සංචාරක සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන රජය විසින් ලබා දෙනවා.
මෙරටට පැමිණෙන සංචාරකයන් විවිධ අතවරයන්ට ලක් වූ බවට අපට සමහර වෙලාවට තොරතුරු ලැබෙනවා. රටපුරා සංචාරක කලාප ආශ්‍රිතව විවිධ මාෆියාවන් ක්‍රියාත්මක වන බවටත් අපිට තොරතුරු ලැබිලා තියෙනවා. අපි එක්ව කටයුතු කළහොත් මේ ඕනෑම මාෆියාවක් පරාජය කළ හැකියි.
සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම සදහා අපට හැකියාව, සම්පත් තියෙනවා යැ‘යි අපි නිතර කියන කථාවක්. නමුත් හැකියාව සම්පත් තියෙන බව කීම පමණක් ප්‍රමාණවත් නෑ. කථා කර කර ඉදීමෙන් පමණක් රටක් සංවර්ධනය කරන්න බෑ. ඒ නිසා ඒ සදහා ක්‍රියාත්මක වැඩපිළිවෙලක් සැකසිය යුතුයි. ඒ ඒ අනුව සුදුසු ව්‍යාපෘති හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් සැකසිය යුතුයි. අපි මේ සමුළුව කැඳවුයේ ඒ අරමුණ ඇතිවයි.
ගෝඨාභය රාජපක්ෂ,මහින්ද රාජපක්ෂ සුසංයෝගයෙන් සමන්විත ආණ්ඩුව කථා කර කර ඉන්න ආණ්ඩුවක් නොවන බව මතක තබාගන්න. මේ ආණ්ඩුව වැඩ කරන ආණ්ඩුවක්. ඒ සදහා අපි සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුයි" යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.