ගෝඨාභය භිතිකාවක් ඇති වි ඇති බවත් එම නිසා ජනාධිපතිවරණය කල් දැමිමටත් ඡනාධිපති ධූරය අහෝසි කරන්නත් උත්සාහ කරන බව මහාචාර්ය ජි.එල් පිරීස් මහතා පවසයි.
අද (23) කොළඹදි පැවති පොදුජන පෙරමුණේ රැස්විමකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජි.එල් මහතා,
“ජනාධිපතිවරණ වැඩපිළිවෙල ආරම්භ වන මේ මොහොතේ යම්කිසි දෙයක් ඉතාමත් පැහැදිලි වෙනවා. අපට විරුද්ධව පෙනී සිටින බලවේග දැනටමත් පරාජය පිළි අරගෙන තිබෙනවා. මේ අය ජනාධිපතිවරණ වැඩපිළිවෙළට අවතීර්ණ වන්නේ පරාජිත මානසිකත්වයකින්. මේ අය එළිපිට නොකිව්වත් හොඳ හැටි දැනගෙන ඉන්නවා ගෝඨාභය රාජපක්ෂ මහතා පරද්දන්න තියා හිතන්නවත් පුළුවන් කමක් නෑ කියලා. හරි පුදුම ගෝඨාභය භීතිකාවක් මේ අය තුළ තිබෙනවා. දේශපාලන තලයක ගෝඨාට මුහුණදී ගෝඨාව පරාජය කිරීම සිහිනයක් බව ඒ අය ඉතාමත් පැහැදිලිව දන්නවා. ඒ නිසා එක එක කුමන්ත්‍රණ සිදු කරමින් සිටිනවා.
මුලින්ම ජනාධිපතිවරණය කල් දැමීමට උත්සාහ කළා. ඒ වගේම ජනාධිපති ධූරය අහෝසි කිරීමටත් උත්සාහයක් කෙරුවා. මුලින් ජනාධිපති මැතිවරණය කල් දාන්නත් පසුව ජනාධිපති ධූරය අහෝසි කරන්නත් උත්සාහ කළේ ගෝඨාභය රාජපක්ෂට තිබෙන බය නිසයි. මේ කුමන්ත්‍රණවල අවසාන උත්සාහය වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාව සිරකර අත්අඩංගුවට ගැනීමටයි. ඔහු කිසිසේත්ම දේශපාලන භූමිකාවේ දී පරාජය කළ නොහැකි නිසා තමයි මේ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරන්නේ. දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ දුරකථන සංවාදය මේ දවස් වල රටටම සහ ලෝකයට අනාවරණය කෙරෙනවා.
එකම නඩුවක් සම්බන්ධයෙන් දිල්රුක්ෂි ඩයස් මහත්මිය චෝදනා හත්දාස් ගණනක් ගොනුකර තිබෙනවා. ඒ ඇවන්ගාඞ් නඩුවයි. මේ හඬ පටය හරහා එතුමියම පිළිගන්නවා මේ නඩුව දැම්මේ වෙන කිසි හේතුවක් නිසා නෙමෙයි කරුමක්කාර දේශපාලනය නිසා කියලා. එතුමිය කනගාටුවෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව නඩු දැමීම සම්බන්ධයෙන්. ඊට කිසිම පදනමක් නැහැ එය සිදු කළේ හුදෙක් දේශපාලන බලපෑම නිසා පමණයි කියලා එතුමිය හඬපටයේ පිළිගන්නවා. මේ හිතුවක්කාර අසාධාරණ නීතිවිරෝධී ක්‍රියාව නිසා හාරදහසකට අධික පිරිසකගේ රැකියා අහිමිවීම පිළිබඳවත් එතුමිය කනගාටු වෙනවා. ඉතාමත් භයානක ප්රකාශනයක් තමයි එතුමිය සිදුකරන්නේ. නීතිය හදන්නත් පුළුවන් නීතිය කඩන්න පුළුවන් කියලා ඒ හඬ ප්රකාශනයෙහි කියනවා. ඒ කියන්නේ මේ රටේ නීතිය මුල ඉදලම ආපහු ලියන්න වෙනවා.
අපි මෙතෙක් දුරට විශ්වාස කළේ සහ විශ්වවිද්‍යාලවල ඉගැන්නුවේ නීතිය හදන්න පුළුවන් ආයතනය පාර්ලිමේන්තුව කියලයි. දැන් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව අභිභවා ගිහිල්ලා තිබෙනවා. දිල්රුක්ෂි තමයි නීතිය හදන්නෙත් නීතිය කඩන්නෙත්.දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ධූරයේ සිටින කාලයේ යහපාලන ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් දහදෙනෙකුට විරුද්ධවටොප් ටෙන් කණ්ඩායම සම්පූර්ණ ලේඛන සහිත ලිඛිත සාක්ෂි සහිතව නිෂ්ප්රභා කරන්න බැරි සාක්ෂි සහිතව ලිපිගොනු ඉදිරිපත් කරා. දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ එක විමර්ශනයක් වත් ආරම්භ කළේ නැහැ. ඇයි එතුමිය නේ මේ නීතිය හදන්නෙත් නීතිය කඩන්නෙත්. දැන් එතුමියම කියනවා මේ පිටුපස දේශපාලන හස්තයක් තියෙනවා කියලා . එතුමිය මේ සියල්ලම සිදු කරන්නේ තමන්ගේ හාම්පුතුන්ගේ දේශපාලන අවශ්‍යතා ඉටුකිරීම සඳහා පමණක් කියලා එතුමිය ම ප්‍රකාශ කරනවා. උසාවියේ නඩු පවරලා අහිංසක පුද්ගලයන් උසාවිය හමුවට ඉදිරිපත් කරලා දෙන්න පුළුවන් දස වද දෙන්නෙත් කරුමක්කාර දේශපාලනයයි කියලා එතුමියම කියනවා. අපි ඉතාමත් පැහැදිලිව කියනවා දිල්රුක්ෂි කියන්නේ මේ සම්පූර්ණ ප්‍රශ්නයම නෙවෙයි. කොටසක් පමණයි. එතුමියගේ සංවාදයෙන් සක්සුදක්සේ පැහැදිලි වන්නේ මේ රටේ සම්පූර්ණ නීති පද්ධතිය, නීතිපති දෙපාර්තමේන්තුව, හා නීතිය සම්බන්ධ නොයෙක් ආයතන නඩු පැවරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මකවන ක්‍රියාපටිපාටිය පිළිබඳවයි. මේ චෝදනාව අපි හැමෝටම සිදුකරන්නේ නැහැ. නමුත් අති දූෂිත පුද්ගලයින් ඒ තත්ත්වය මෙහෙයවන බව ඉතාමත් පැහැදිලි වෙනවා.
ජාතික මැතිවරණ කොමිෂන් සභාව පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා රාජ්‍ය සේවයට අලූත් පත්වීම් නැහැ උසස්විම් නැහැ රජයේ නිලධාරීන්ට මාරු කිරීම් නැහැ කියන දේ. නමුත් මහා පරිමාණයෙන් මේ දේවල් සිදු වෙනවා. මේවා සම්පූර්ණයෙන්ම ඡන්ද නීතිය අමු අමුවේ උල්ලංඝණය කිරීමක්. සද්භාවයෙන් තොරව තමන්ගේ හෘද සාක්ෂියට අනුකූල නොවන ආකාරයට කටයුතු කරන සියලූම නිලධාරීන්ට එරෙහිව අපි දෙසැම්බර් මාසයේ පළමු සතිය ට පසුව ආණ්ඩුව පිහිටු වූ විට දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. මේක තර්ජනයක් හෝ වැරදි ප්‍රකාශයක් නොවෙයි. තමන් සිදුකරන දේ වැරදි බව දැනගෙන මෙවැනි දේ සිදු කිරීම බරපතළ වරදක්. දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ට වගේම තමන් කරන දේ පිළිබඳව අවබෝධයක් නැතිව දේශපාලන බලපෑම් මත සිදුකරන ක්‍රියාවන් පිළිබඳව සියලූම නිලධාරීන්ට ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවෙනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
කෂිනි හපුආරච්චි