වෙන වෙන මතවාද ඇති පුද්ගලයන් එකට සිටි විට ගැටුම් ඇතිවෙන බවත් එසේ ගැටුම් නොමැති බව කිසිවෙක් පවසනවානම් එය අසත්‍යයක් බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“ආණ්ඩුවට තෙල් ගන්න සල්ලි නෑ ඒ නිසා ගෙදර තෙල් ගබඩා කර ගන්න කියලා සමාජ මාධ්‍ය වල විශාල බොරුවක් ප්‍රචාරය වෙනවා.
මේ වන විට අපේ ආයතන තුන සතුව දින 27කට ප්‍රමාණවත් පෙට්‍රල් තියෙනවා. දින 24කට ප්‍රමාණවත් ඩීසල් තිබෙනවා.
ඉන්ධන හිගයක් ඇතිවිමට අප ඉඩ තියන්නේ නෑ. කට කථාවලට නොරැවටෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”
මෙහිදී මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා.
Q ප්‍රධාන පක්ෂ අතර මතවාද තිබෙනවාද?
A වෙන වෙන මතවාද තියෙන අය එකට ඉන්න කොට නොගැටුණොත් තමයි පුදුමේ. අනිවාර්යයෙන්ම ගැටුම් තිබෙනවා. ගැටුම් නෑ කියනවනම් ඒක පට්ටවල් බොරුවක්.