වනජීවී නිලධාරීන් පිරිසක් හා ගම්වාසීන් පිරිසක් අත ඊයේ (26දා) ඇතුවූ උණුසුම්කාරී තත්ත්වයක් හේතුවෙන් මින්නේරිය ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දමා ඇත.
මින්නේරිය ජලාශයේ ධීවර කටයුතුවල නිරත වූ ගම්වාසියෙක් අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇතිව තිබේ.
මෙම ගැටුමෙන් තුවාල ලැබූ වනජීවී නිලධාරීන් තිදෙනෙක් හබරණ රෝහලට ඇතුළත් කර ඇත.