විකිණිමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 65 ක් පමණ වටිනා ගජ මුතු හතරක් සමඟ සැකකරුවන් පස් දෙනෙක් හම්බන්තොට දී 13 වනදා සවස අත් අඩංගුවට ගැනීමට අම්බලන්තොට පොලිස් විශේෂ කාර් ය බලකායේ නිළධාරීහු කටයුතු කලහ.
හම්බන්තොට නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශ නිළධාරීන්ට ලද තොරතුරක් මත සිදු කරනු ලැබූ වැටලීමකින් පසු මෙම සැකකරුවන් සමඟ ගජ මුතු අත් අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් වූවන් වැල්ලවාය, කොස්ලන්ද, ඇතිලිවැව, මොණරාගල යන ප්ර දේශවල පදංචි කරුවෝ වෙති. සැකකරුවන් අතර කාන්තාවක්ද සිටී. හම්බන්තොට කෑලියපුර 6 කණුව ප්ර දේශයේ දී සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේන අතර ඉදිරි විමර් ශන කටයුතු සඳහා සැකකරුවන් හා ගජ මුතු හම්බන්තොට අඩවි ආරක්ෂක කාර් යාලයට භාරදී ඇත.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට