ඛනිජතෙල් සංස්ථා සේවකයන් අද උදෑසන සිට වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ අනුව ඔවුන් අද පෙරවරුවේ සිට ඉන්ධන බෙදා හැරීම නවත්වා ඇත.
දෙමඩගොඩ ඛනිජතෙල් සංස්ථා මුලස්ථානයේදී ඊයේ (28) සිදු වු වෙඩි තැබීමකින් පසු තරුණයකු මිය යාමේ සිද්ධියත් සමඟ හිටපු ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ඔවුන් මෙම වර්ජනය අරඹා ඇත.
වර්ජනය හේතුවෙන් ඉන්ධනහල් අසළ දිගු පෝලිම් දකින්නට ලැබෙයි.