මේ මස පළමුවනදා සිට ලබන මස 30 වනදා දක්වා කාලය තුළ අවලංගු වීමට නියමිතව තිබූ ඛණිජ කැණීම් හා වෙළදාම සදහා නිකුත් කර ඇති බලපත්‍රවල වලංගු කාලය ලබන මස 30 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
කොරෝනා ව්‍යාප්තියත් සමග සංචරණ සීමා හේතුවෙන් බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාද වී තිබෙනවා.
සංවර්ධන ව්‍යාපෘති සදහා ඛණිජ ආශ්රිත නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය කෙරෙන අමුද්‍රව්‍ය ලබා ගැනීම අසීරු වීමේ තත්ත්වයක් උද්ගත විය හැකි බැවින් මෙම තීරණය ගත් බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සදහන් කරන්නේ.