ශ්රී ලංකාවේ ත්රිරෝද රථ කර්මාන්තයට එල්ල වන ගැටලු පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීම වෙනුවෙන් අත්සන් ලක්ෂයක් ලබාගැනීමේ වැඩසටහනක් අද (26දා) කොළඹ මාළිගාවත්තේදී පැවැත්විණි.
සමස්ත ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්රිරෝද රථ සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනෙහි මූලික අරමුණ වී තිබුණේ ඉන්දියාවෙන් හඳුන්වාදීමට නියමිත " ක්වඩ්රිසයිකල්" (Quadricycle) නමැති වාහනයෙන් පැමිණෙන අතුරු ප්රතිඵල පිළිබඳ දැනුවත් කිරීමට අත්සන් ලක්ෂයක් ලබාගැනීමයි.
මේ සදහා සමස්ත ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන හා එහි ලේකම් ඒ.සී. ඩයස් යන මහත්වරුද පැමිණ සිටියහ.
ඡායාරූප ශමීර රාජපක්ෂ