පාස්කු ප්රහාරය එල්ල වී වසර දෙකක් සපිරෙන එළැඹෙන 21 දා පෙ.ව. 8.45ට විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයක් ආරක්ෂා කරන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල රංජිත් හිමිපාණේ සඳහන් කරති.
පාස්කු ප්රහාරයේ වින්දිතයින් සිහිපත් කිරීම වෙනුවෙන් මෙම විනාඩි දෙකක නිශ්ෂබ්ද්දතාවය ආරක්ෂා කරන ලෙස උන්වහන්සේ දන්වති.
එසේම එළැඹෙන 21 දා සියලුම කතෝලික පාසල්වලට නිවාඩු දිනයක් බවට ප්රකාශ කිරීමටද උන්වහන්සේ කටයුතු කර තිබේ.