රත්නපුර දිස්ත්රික්කයේ ඉහළ ජලාධාර ප්රදේශවලට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් කලූ ගගේ ජල මට්ටම 24දා සවස 06.00 වන විට ගංවතුර අවදානම් මට්ටම පසුකර ඇති බව රත්නපුර මුවගම පිහිටි ජල මාපකයේ දත්ත අනාවරණය කරයි.
කලූ ගගේ ගංවතුර අවදානම් මට්ටම මීටර් 5.2ය. එහෙත් 24දා පස්වරු 06.00 වනවිට කලූ ගගේ ජල මට්ටම මීටර් 5.55 විය. කලූ ගගේ ජල මට්ටම මීටර් 7.5 ඉක්ම ගියවිට සුලූ ගංවතුර තත්ත්වයකි. පස්වරු හතරේ සිට කලූ ගගේ ජල මට්ටම ඉතා වේගයෙන් ඉහළ යමින් පවතී.
අතරමගදී කලූ ගගට එක්වන වේ ගග, නිරිඇලි ගග, දෙනවක් ගග සහ කුරු ගග යන ගංගාවල ද ජලම්ට්ටම ඉහළ යමින් පවතින බව එම ගංගාවල ජලමට්ටම දැනගත හැකි ජලමාපක දත්ත පෙන්වා දෙයි.
මෙම ගංගාවල ඉහළ ජලාධාර ප්රදේශවලට වැසි ඇද හැලෙමින් පවතින නිසා ගංගාවල ජල මට්ටම ඉහළ යාහැකි බව එම දත්ත අනුව පෙනීයයි.