අභ්‍යවකාශයේ ඇති අභිරහස් අතරින් ලොව බොහෝ දෙනෙකු තුළ කුතුහලයක්ව පවතින කළු කුහරයේ පළමු සැබෑ ඡායාරූපය අද සන්ධ්‍යාවේදී ලෝකයාට නිකුත් කරන බව යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ විද්‍යාඥයන් පිරිසක් පවසති.
මෙම කළු කුහරය පිළිබඳව පවතින අභිරහස ගවේෂණය සඳහා ජාත්‍යන්තර සහයෝගිතාවක් යටතේ ඒ වෙත යවා ඇති Event Horizon Telescope නම් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් මෙම ඡායාරූප ලබාගෙන තිබේ. ඒ අනුව මෙය කිසිලෙසකින්වත් සිතුවමක් හෝ පරිගණක ආශ්රිත සිතුවමක් නොවන බවද ඔවුහු සඳහන් කර සිටිති.
අද (10දා) සන්ධ්‍යාවේදී ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 06.30ට පමණ ලොව ස්ථාන හයකදී පවත්වන මාධ්‍ය හමු හරහා ඔවුහු මේ පිළිබඳ තොරතුරු ලොවට අනාවරණය කිරීමට සූදානමින් සිටිති.
දැනට පවතින අදහසට අනුව අභ්‍යවකාශයේ පවතින රික්තක ශෝධක කලාපයක් ලෙස මෙම කළු කුහර හැඳින්වෙයි. ඒවායේ පවතින අධික ගුරුත්වය නිසා මෙම තත්ත්වය ඇතිව තිබෙන බව විද්‍යාඥයන්ගේ පොදු අදහස වී තිබේ. මෙහිදී ඕනෑම ආලෝකයක සිට විශාල ප්‍රමාණයක ග්‍රහවස්තුවක් දක්වා ගිල ගැනීමේ හැකියාවක් මෙම කළු කුහර සතුව පවතින බව පොදු අදහසයි.