ලාභදායී චීන වෙළඳපොළට පිවිසීමට අපේක්ෂා කරන ශ්‍රී ලංකා අපනයනකරුවන් සඳහා මාර්ගගත වේදිකාවක් හදුන්වා දීමට බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ. සීමාසහිත හයිරොං ටෙක්නොලොජි සමාගමේ ද සහය ඇතිව එහි මූලික ආරම්භයක් ලෙස ආයෝජන ප්‍රවර්ධන සම්මන්ත්‍රණයක් ඉකුත් 11 වනදා පැවැත්විණ. ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථාවන් ගවේෂණය කිරීම සඳහාද මෙම වේදිකාව මඟින් අනාගත ආයෝජකයින් දිරිමත් කරනු ඇත. තානාපති ආචාර්ය පාලිත කොහොන සහ සීමාසහිත හයිරොං ටෙක්නොලොජි හි සාමාන්‍යාධිකාරී ජෝන් පෑන් මහතා විසින් මෙම වේදිකාව නිල වශයෙන් දියත් කරන ලදි.
චීනයේ රාජ්‍ය හිමිකාර ව්‍යාපාරවල සභාපතිවරුන් සහ පෞද්ගලික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් මෙහි ආරාධිතයින්ට ඇතුළත් විය.
ආයෝජන සඳහා පළමු තේරීම ලෙස ශ්‍රී ලංකාව පිළිබඳව සලකා බලන ලෙස තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ආයෝජකයින්ට ආරාධනා කළේය.
දේශපාලන ස්ථායිතාව, වසංගතය පාලනය කිරීම පිළිබඳ සාපේක්ෂ වශයෙන් වඩාත් හොඳ ක්‍රියාකාරිත්වය සහ එන්නත ලබා දීමේ ක්‍රියාවලිය ආයෝජකයින්ගේ විශ්වාසය දිරිගැන්විය යුතු මෑත කාලීන වර්ධනයන්ගෙන් සමහරක් බව ඔහු පැවසීය.
රජයේ බදු ප්‍රතිපත්තිය, විශේෂයෙන් ආයතනික බදු, ආයෝජන ආරක්ෂාව සඳහා වන නීතිමය සහතික ආදිය ඔහු පැහැදිලි කළේය. කොළඹ වරාය නගරය, හම්බන්තොට කාර්මික කලාපය, එරාවූර් රෙදිපිළි උද්‍යානය සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් නිදහස් වෙළඳ කලාපයන්හි පවතින නව අවස්ථා පිළිබඳව සලකා බලන ලෙස ආචාර්ය කොහොන මහතා විශේෂයෙන් අනාගත ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටියේය.
සීනෝෆාම් එන්නත සමඟ ශ්‍රී ලංකාවේ ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කර ඇති එන්නත් කිරීමේ වැඩසටහනත් සමඟ වසංගතය පාලනය කිරීමට හැකි වනු ඇතැයි ඔහුවිශ්වාසය පළ කළේය. ශ්‍රී ලංකාව සෞඛ්‍ය ප්‍රොටෝකෝලයන්ට යටත්ව සංචාරකයින් පිළිගනු ඇතැයි තානාපතිවරයා පැවසීය.