ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලු මෙහෙයුම් පර්යන්ත හා සහෝදර පර්යන්තයන්ගේ සියලු මෙහෙයුම් කටයුතු යථා තත්ත්වයට පත්ව තිබේ. කොවිඩ්-19 අධි වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ වරායේ පර්යන්ත වල ගෙවී ගිය සතියක දී යම් බලපෑමක් සිදු වි ය.
කෙසේ වෙතත් කොළඹ වරායේ සියලු පර්යන්තයන්ගේ මෙහෙයුම් යථාවත් කිරීම හා වරාය භාවිතා කරන්නන්ගේ යහ පැවැත්ම සහතික කිරීමේ අරමුණෙන් ජය බහලු පර්යන්තය, නැගෙනහිර බහලු පර්යන්තය, සමගි බහලු පර්යන්තය, එස්.ඒ.ජී.ටී. පර්යන්තය, සී.අයි.සී.ටී. පර්යන්තය ඒකාබද්ධව කටයුතු කරමින් කොළඹ වරායේ මෙහෙයුම් පෙර පරිදි කාර්යක්ෂම ලෙසින් සිදු කිරීමට සියලු පියවර ගෙන තිබේ. ඒ සඳහා මෙහෙයුම් හා අන්තර් පර්යන්ත හුවමාරු සැලසුම් කර ඇති ආකාරයට ම නිසි ලෙසින් කළමණාකරණය කිරීමට සමත් වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කොවිඞ්-19 අධි වසංගත තත්ත්වය මර්ධනයට පනවා ඇති සෞඛ්‍ය උපදේශන හා චක්‍ර ලේඛණ වලට අනුගතව එම සෞඛ්‍ය ක්‍රියාමාර්ග නිසි ලෙසින් පවත්වාගෙන යමින් මෙලෙස කොළඹ වරායේ බහලු මෙහෙයුම් නිසි පරිදි සිදු කිරීමට කටයුතු කිරීම විශේෂිත ය.
සංඛ්‍යාලේඛණ දත්තයන්ට අනුව පසුගිය ඔක්තෝබර් මස 30වැනි දින සිට එස්.ඒ.ජී.ටී. පර්යන්තය සාර්ථකව සිය මෙහෙයුම් ධාරිතාව කරා එළඹ තිබේ. එස්.ඒ.ජී.ටී. පර්යන්තය සිය නැංගුරම්පොළ ත්‍රිත්වය ම සාර්ථක ලෙස බහලු නෞකාවන්ගේ මෙහෙයුම් සඳහා ප්‍රශස්ථ ලෙස උපයුක්ත කරමින්, කිසිදු බාධාවකින් තොරව ආනයන අපනයන මෙහෙයුම් සිදු කරමින් පවතී.