මරිහාන, නුගේගොඩ, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, බම්බලපිටිය යන ප්‍ර දේශවල පිපිරීමක් ඇතිවන බවට අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
2019 අප්‍රේල් 25 දින යම් පුද්ගලයෙක් යවන ලද පණිවිඩයක් යළිත් ව්‍යාජ ආකාරයෙන් බෙදා හැරීමක් සිදුව ඇති බවට ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කරන ලද යිමර්ශනයේදී මේ වන විට තහවුරු වී ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
මේ ප්‍රවෘත්තිය පිළිබඳව කලබලවීමක් හෝ වෙනත් ආකාරයෙන් කටයුතු කිරීමක් අවශ්‍යව නැතැයිද ඔහු පැවැසීය.
මේ පිළිබඳව ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ සෘජු අධික්ෂණය යටතේ විශේෂ කණ්ඩායමක් මගින් විමර්නයක් ආරම්භ කර ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.