ආපදා කළමනාකරණ මධයස්ථානයේ මගපෙන්වීම යටතේ සියලු පාර්ශව කාර ආයතන වල සහභාගීත්වයෙන් එලැඹෙන නිරිත දිග මෝසම් වර්ෂාවෙන් ඇතිවිය හැකි ගංවරතුර අවදානම අවම කරගැනීම සදහා ආපදා පුර්ව සුදානම් වැඩසටහන් නිරිත දිග මෝසම් වර්ෂාවේ බල පෑමට ලක් වන දිස්ත්රික්ක වල ක්රියාත්මක කරමින් පවතී.
මීට සමගාමීව කොළඹ දිස්ත්රික්කයේ කොලොන්නාව ප්රාදේශීය ලේකම් බල ප්රදේශයේ සහ කොළඹ නගරය අවට ගංවතුර අවදානම සහිත ප්රදේශවල අවහිර වී ඇති ඇල මාර්ග හා අපවිත්ර ස්ථාන පිරිසිදු කිරීම ශ්රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ ආයතනයත්, ශ්රී ලංකා පොලීසිය, ශ්රී ලංකා සිවිල් ආරක්ෂක බලකායේ සහය ඇතිව කොළඹ දිස්ත්රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණයෙන් පසුගිය දා ආරම්භ කරන ලදි.
මෙම වැඩ සටහන යටතේ ඉදිරි සති දෙකක කාලය තුළ කොළඹ නගරය අවට අවහිර වී ඇති ඇළමාර්ග ශුද්ධ පවිත්ර කිරීම සිදු කරනු ලැබේ.