කොළඹ නගරයේ එක්රැස්වී ඇති කසළ ලොරිවලට පටවා අරුවක්කාලු කසළ රඳවනය වෙත දුම්රිය මගින් ගෙනයාමේ පරීක්ෂණ චාරිකාවක් ලබන සෙනසුරාදා (24දා) සිදුකරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
මෙහිදී කොළඹ දුම්රිය අංගණයේ සිට පුත්තලම පෙරියනාඩු දුම්රිය ස්ථානය දක්වා කසළ ලොරි දෙකක් දුම්රිය ගැල්වල පටවාගෙන යෑමට සැලසුම් කර තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
දුම්රිය ස්ථාන හා පාලම්වලට බාධවකින් තොරව මෙම ලොරි රථ දුම්රිය මාර්ගයේ ගෙනයා හැකිදැයි මෙහිදී පරීක්ෂා කරන බවද සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළේය.
කසළ පැටවූ ලොරි පෙරියනාඩු දුම්රිය ස්ථානයේ සිට අරුවක්කාලු කසළ රඳවනය දක්වා සාමාන්‍ය මාර්ගයේ ධාවනය කරන බවත්, සෙනසුරාදා දින සිදුකරන පරීක්ෂණ චාරිකාව සාර්ථක වුවහොත් කොළඹ කසළ දුම්රිය මාර්ගය ඔස්සේ අඛණ්ඩව ගෙනයා හැකි බවත් ඩිලන්ත ප්‍රනාන්දු මහතා කියා සිටියේය.