කොළඹ කොටුවේ සිට මාතලේ දක්වා දිනපතා දුම්රියක් ධාවනයට එක්කර තිබේ. ඊයේ (02දා) සිට මෙම දුම්රිය ධාවනයට එක්කළේ මගී ජනතාවගේ ඉල්ලීම අනුවය. මීට පෙර සතියකට එක් වරක් පමණක් මෙම දුම්රිය ධාවනය කෙරිණි.
දිනපතා මාතලේ දුම්රිය ස්ථානයෙන් පෙ.ව 6.30ට දුම්රිය පිටත්වන අතර කොළඹ කොටුවට පෙ.ව 10.30ට ළඟවෙයි. නැවත කොළඹ කොටුවෙන් ප.ව 2.30ට පිටත්වන දුම්රිය මාතලේ ට ප.ව 6.30 ළඟාවීමට නියමිතය.
රත්තොට රුවන් ධනංජය