මින් පෙර කිසිඳු දිනක අත් නොදුටු අතිශය භයංකර අත්දැකීමකට කොළඹ නගරය ගමන් කරමින් ඇති බැවින් ඉතාමත් අත්‍යාවශ්‍ය කරුණකට හැර කොළඹ නගරයට පැමිණීමෙන් වළකින ලෙස කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය දෛනිකව කොළඹට පැමිණෙන ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඇය පෙන්වා දෙන්නේ කොළඹ නගර සීමාවේ සෑම ප්‍ර දේශයකින් මේ වන වන විට කොවිඩ් ආසාදිතයන් වාර්තා වන බවත් වෛරසය ඉතාමත් වේගයෙන් ව්‍යාප්තවීමේ අවධානමක් ඇති බවයි.
දිනකට කොවිඩ් ආසාදිතයන් විශාල ප්‍රමාණයක් මිය යන බවත් රෝහල්ගත වන රෝගීන්ට දරුණු රෝග ලක්ෂණ පේන්වීම හේතුවෙන් ඔවුන්ට ශ්වසන ආධාරක ලබාදීමටද සිදුව ඇති බවත් ඇය පෙන්වා දෙයි.
“මේ වන වි අපි ගමන් කරමින් සිටින්නේ ඉතිහාසයේ කවදාවත් නොදැකපු නොසිතපු තරම් භයානක තත්ත්වයකට. දිනෙන් දින රට පුරාම විශේෂයෙන් කොළඹ නගරයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවත් සිදුවන මරණ සංඛ්‍යාවත් වැඩිවෙමින් පවතිනවා.
දැනට මාස කිහිපයට පෙර දිනකට වාර්තා වූ මරණ සංඛ්‍යාවට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් දැන් පැයකදී සිදුවන බව පෙනෙන්නට තිබෙනවා.
මෙය ඉතාමත් දරුණු තත්ත්වයක්. සෙය පාලනය කරන්න පුළුවන් වන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමෙන් පමණයි.”