කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග පැනවු ඇදිරි නිතිය හමුවේ කොළඹ ප්රදේශයේ රැකියා වල නිරතව සිටි විශාල පිරිසක් කොළඹ ප්රදේශයේ මාසයකට වැඩි කාලයක් රැඳී සිටිහ.
ඒ අතරින් වතුකරයේ පදිංචි එම පිරිස වතුකරයට පිවිසිමට නොහැකිව දැඩි පිඩාවට පත් ව සිටියදි රජය මැදිහත්විමක් මත ඊයේ (02දා) නුවරඑලිය දිස්ත්රික්කයට ලංගම බස් රථ මගින් 370 දෙනෙකු පැමිණ ඇති බව හැටන් පොලීසිය පැවැසීය.
හැටන් පොලිස් කොට්ඨාශයට අයත් ගිනිගත්හේන , වටවල , හැටන් දරවල , නොර්වුඩ් , මස්කෙලිය යන ප්රදේශවල පිරිසක්ද එ අතර සිටින අතර ඔවුන් ප්රදේශයභාර මහජන සෞඛ්යය පරික්ෂකවරුන් විසින් ස්වයං නිරෝධානයක් සඳහා යොමු කිරිමට නියමිතය.