ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයන් වැඩිම ප්‍රමාණයක් ඊයේ දිනයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 726ක් වාර්තා වී ඇති අතර එයින් පුද්ගලයන් 197ක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වෙයි.
ඉන් අනතුරුව වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක කොළඹින් වාර්තා වන අතර එම අගය 116කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 101ක් වාර්තා වී තිබේ. සෙසු රෝගීන් දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.
අද උදෑසන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 68575ක් වන අතර එයින් පුද්ගලයන් 62593ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයන් සංඛ්‍යාව 351කි.