බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථාන 13ක ස්ථාපිත කර ඇති මාර්ග බාධකවලදී ඊයේ දිනය තුළ වාහන 757ක් සහ පුද්ගලයන් 1,509ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
අද දිනයේද කොළඹ නගරයට ඇතුළුවන වාහන පරීක්ෂා කිරීමේ කටයුතු සිදුවුණා.
මෙහිදී නිසි අවසර පත්ර නොමැති පුද්ගලයන් අවවාද කර නැවත හරවා යැවීමටද පොලීසිය කටයුතු කළා.
යුධ හමුදාවේ ක්ෂණික විහිදුම් බලකායේ යතුරුපැදි කණ්ඩායමද නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝණය කරන්නන් පිළිබඳව කොළඹ නගරයේ පරීක්ෂා කිරීම්වල නිරතව සිටිනවා.