දිවයිනේ අනෙකුත් ප්‍රධාන රෝහල් වලට සාපේක්ෂව කළුබෝවිල ශීක්ෂණ රෝහලේ ද කොරෝනා රෝගීන් ප්‍රතිකාර ලබන වාට්ටු පිරි ඉතිරි යාමෙන් බහුතරයක් රෝගීන් දැඩි දුෂ්කරතා මධ්‍යයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔවුන් වාට්ටුවල කොරිඩෝවට අමතරව වැසිකිලිය අසල මෙන්ම ඉන් පිටත ද දැඩි දුෂ්කරතා මධ්‍යයේ රැඳී සිටින බවට එම ආරංචි මාර්ග පවසයි.
සමහර රෝගීන් ඇඳන් යට ද ,තවත් සමහර රෝගීන් ඉටිකොළ මත ද වැතිරී සිටින බවත් දැනගන්නට ඇත.
බිම වැතිර සිටින බහුතරයක් රෝගීන් ඔක්ෂිජන් ලබාගන්නා අය බවත් ඔවුන් වයෝවෘද්ධ තත්ත්වයේ සිටින අය බව ආරංචි මාර්ග පවසයි.
අංක 2 අංක 6 අංක 10 අංක 14 හා අංක 9 ආදී වාට්ටු වල රඳවා තබා ගැනීමට හැකි රෝගීන් ප්‍රමාණය ඉක්මවා රෝගීන් ප්‍රතිකාර ලබන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ හේතුවෙන් රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධිකාරීවරයා ඇතුළු වෛද්‍යවරුන් මෙන්ම කාර්ය මණ්ඩලයද දැඩි කැපවීමකින් එම රෝගීන් සඳහා කටයුතු කරන බවත් ඔවුන්ට ගත හැකි වෙන විකල්ප ක්‍රියාමාර්ගයක් නොමැතිවීම හේතුවෙන් ඔවුන් ද දැඩි අපහසුතාවයට පත්ව සිටින බව වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරයි.