කළුතර නාගොඩ මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ අලුයම පලාගොස් තිබූ කොරෝනා වෛරසය ආසාදිත යැයි සැක සහිත රෝගියා පැය හතරකට පසු අද 29 මහ වස්කඩුව ප්‍රදේශයේදී සොයා ගැනීමට හැකි වූ බව කළුතර උතුර පොලිසිය කියයි.
රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ 28 මෙම පුද්ගලයා නාගොඩ මහ රෝහලේ වාට්ටුවකට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිට ඇතැයි පොලිසිය කියයි
වයස අවුරුදු 38 වන එම පුද්ගලයා අද පෙරවරු 7.30 ට පමණ නාගොඩ රෝහලින් පලාවිත් මතුගම සිට කලුතර දක්වා ධාවනය වන බස් රථයකින් කළුතර නගරයට පැමිණ ඉන් අනතුරුව ගාල්ල සිට කොළඹ දක්වා ධාවනය වන බස් රථකින් වාඩියමංකඩ ප්‍රදේශයට පැමිණ නිවස කරා පාගමනින් යමින් සිටියදී ලද තොරතුරක් අනුව සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අදාල සැක සහිත රෝගී පුද්ගලයා ගමන් ගත් බව කියන බස් රථ දෙක සොයා ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව කළුතර උතුරු පොලිසියේ පොලිස් පරීක්ෂක සිසිර ෆොන්සේකා මහතා පැවසීය.
රෝහලින් පලා ආ සැක සහිත රෝගියා තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බව පොලිසිය කියයි
කළුතර උතුර පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංක ද සිල්වා මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක සිසිර ෆොන්සේකා,පොතුපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩි කේ එස් පීරිස් මහත්වරු රෝගියා නැවත රෝහල් ගත කිරීමට කටයුතු කළහ.
බිමල් ශ්‍යාමන් ජයසිංහ