බහුදින ධීවර යාත්‍රා වලින් ජාත්‍යන්තර මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරත වන ඇතැම් ධීවරයින්ගේ අවිධිමත් ගනුදෙනු සහ සංචරණ ක්‍රියා නිසා ශ්‍රී ලංකාවේ වෙරළ ආශ්රිත ප්‍රදේශවල නැවත කොරෝනා වසංගතය පැතිරීමේ අවධානමක් ඇතිවීම නිසා එම බහුදින ධීවර කටයුතු වල නිරත පිරිස්වලින් නියැදියක් ලෙස පී.සී.ආර්.පරීක්ෂණ සිදුකිරීමට පියවර ගත් බව කළුතර දිස්ත්‍රික් කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය ක්‍රිෂාන් හිරිමුතුගොඩ මහතා පැවසීය.
බහුදින ධීවර යාත්‍රා වලින් ජාත්‍යන්තර මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරත වන ඇතැම් ධීවරයන් අවිධිමත් ගනුදෙනු සහ සංචරණ ක්‍රියා සිදුකරන බවට හෝඩුවාවන් තම ඒකකයට ලැබුණු නිසා බහුදින ධීවරයන්ගෙන් අහඹු ලෙස තෝරාගත් පිරිසකගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකල බවත්, තවදුරටත් බේරුවල සහ කළුතර ප්‍රදේශ වල කොවිඩ් 19 වසංගතය පැතිරීම වැළැක්වීමේ අරමුණින් බේරුවල ධීවර වරායේදී 25 දෙනෙකුගේ ජෛවපටල සාම්පල් ලබාගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වෙත පරීක්ෂණ සඳහා යැවු බවත් , මෙම පරීක්ෂණ වාර්තා වල ප්‍රතිපලය කුමක් වුවත් ඉදිරියටත් ධීවර ප්‍රජාවගේ තෝරාගත් නියැදි වල පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරණ බවත් වෛද්‍ය ක්‍රිෂාන් හිරිමුතුගොඩ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට කළුතර කොවිඩ් 19 පරීක්ෂක කණ්ඩායම සමග කළුතර ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී.සිංහබාහු මහතාද සහභාගී විය.
මතුගම - බන්දු තඔවිට